පසුගිය දින ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.
නමුත් එම සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙස බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
පවතින දේශපාලන වෙනස්කම් හේතුවෙන් අදාළ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.








