FAST NEWS

24×7 Around the Globe

හෙට (19) මහනුවර ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි..

 

මහනුවර – කුණ්ඩසාල, අරත්තන ජල පවිත්‍රාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් හෙට (19) ප්‍රදේශ කීපයකට ංල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

දිගන නගරය, වික්ටෝරියා පාර, ගෝනවල පාර, මල්පාන පාර, මැණික්හින්න, මහවත්ත සහ බෝධිගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව අමුණුගම, ගුන්නෑපාන, පන්විල සහ අහස් පොකුණ යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ලබයි.