එළඹෙන උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
රථ වාහන එවැනි ආකාරයට ගාල් කර තැබීමෙන් අනවශ්‍ය ආකාරයට රථ වාහන තදබදයක් නිර්මාණය වී ජනතාව අසීරුතාවයට පත්විම මෙම තීරණය ගැනිමට හේතුව බවත් ,ශ්‍රී ලංකාවේ අංක 1984 අංක 4 දරණ මෝටර් වාහන පනතේ 167 (04) හා (05) යන උප වගන්ති අනුව මෙම ඉවත්කිරීම් සිදුකරන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙය දිවයිනේ සියලුම පොලිස් ස්ථානයන් විසින් ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.








