FAST NEWS

24×7 Around the Globe

ගිනි අවි ජාවාරමට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට…

 

ගම්පහ – මාතම්මන ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 04 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ වී ඇති අතර ඔවුන් ද  අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පිරිස අද (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.