නව රජය 2019 වර්ෂය සඳහා වූ අය-වැය 2019 ජනවාරි මුල් සතියේදී ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
ජනවාරියේදී ඉදිරිපත් කරන අය-වැය විවාද කර පෙබරවාරි මාසයේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
නව රජයේ කැබිනට් මණ්‌ඩලය හෙට (18) වනවිට පත්කර ගතයුතු බවත් ඉන් අනතුරුව රජයේ සේවක වේතන ඇතුළු රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේදී සම්මත කර කරගෙන ගෙවීම් කිරීමට හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අතුරු සම්මත ගිණුම සම්මත නොකර 2019 ජනවාරි 01 වැනිදා සිට රජයේ වියදම් මාස තුනක් යනතෙක් ගෙවීමට තිබූ බාධාව ද ඉවත්ව යන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.








