FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට..

 

තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වන කළුආරච්චිගේ සමන් කුමාර නම් අයෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් සැරයන්වරයකුගේ නිවෙසකට රතිඤ්ඤා දල්වා දැමීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කිරිමේ සිද්ධියකට අදාළව මන්ත්‍රීවරයව අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කාර්ල්ටන් නිවෙසේ ආරක්ෂක නිලධාරීයකු ලෙස සේවය කරමින් සිටින තංගල්ල විතාරන්දෙණිය ඉහළගොඩ ප්‍රදේශයේ පදිංචි ඕබඩආරච්චිගේ සමන්ත චන්දන නම් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසට මෙලෙස රතිඤ්ඤා දල්වා දැමීම නිසා දෙපිරිස අතර ආරවුලක් හට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පැවසේ.

ඔවුන් වීරකැටිය දිසා රෝහලේ සහ තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.