FAST NEWS

24×7 Around the Globe

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

 

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුහුද රළු වන බැවින් පොතුවිල් සිට මඩකලපුව – ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.