පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඊයේ (12) නිකුත් කරනු ලැබීය.
මෙම කඩඉම් ලකුණ නිකුත් කර ඇත්තේ අධියර කිහිපයකිනි.
එක් පන්තියක් සඳහා පමණක් සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ලකුණු ලැයිස්තුව වෙනම ද, සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ඉඩයිම් ලකුණු ලැයිස්තුව වෙනම ද නිකුත් කර ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයයේ කඩඉම් ලකුණ 189 ක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 187ක් ලෙස දක්වා තිබුණි.
















