FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විශ්වාසභංගයෙන් ජය ගනියි..

 

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව ඊයේ (12) පැවති ඡන්ද විමසීමේදී 63%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට ජය ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සංඛ්‍යාත්මකව ගත් කළ මන්ත්‍රීවරුන් 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කර ඇති අතර විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 117 ක් ප්‍රකාශ වි තිබේ.

විශ්වසභංගය ජය ගැනීමෙන් පසු බ්‍රෙක්සිට් ගිවිසුම යථාර්ථයක් කරන බවට ප්‍රතිඥා දී තිබේ.

බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය 2016 වසරේ පැවති ජනමත විචාරණ ප්‍රතිඵලවලට එරෙහි බව පවසන මන්ත්‍රීවරුන් 48 දෙනෙක් අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල් වූහ.

විශ්වාසභංග ඡන්ද විමසීමට සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරුන් ඇමතූ තෙරේසා මේ, 2022 වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග නොකරන බවට ප්‍රතිඥා ලබා දී තිපේ.

මෙම විශ්වාසභංගයෙන් තෙරේසා මේ පරාජය වූවා නම් ඇයට කොන්සවටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධූරයෙන් ද ඉල්ලා අස්වීමට සිදු විමට තිබුණී.