කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී ඊයේ (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ 35 හැවිරිදි එච්.ඒ. ධනුෂ්ක සංජීව නැමති කිරිබත්ගොඩ – මාකොල උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.








