FAST NEWS

24×7 Around the Globe

කෝටි 50ක වන්දියක් ඉල්ලා සමනලීගෙන් කාංචනට එන්තරවාසියක්..

 

සිනමා නිළි සහ ටෙලි නාට්‍ය නිළි සමනලී ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර ඇත. 

ඇය සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම එන්තරවාසිය ඉදිරිපත් කර ඇත.

කාංචන විජේසේකර මහතා විසින් තමන් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබේ.

අදාළ මුදල නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා සිය එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.