පසුගිය දිනවල පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ඒ පිළිබදව සොයා බැලීමට පත්කළ කමිටුව පොලීසියට නියෝග කර ඇත.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
ගැටුම් අවස්ථාවල වීඩියෝ පට සවිකර ඇති කැමරා වලින් මෙන්ම, මෙන්ම බාහිර පාර්ශවයන්ගෙන් ද ලබා ගැනීමට මෙහිදී තීරණය වී ඇත.








