සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000 මුදලක එහි සේවකයන්ට ලබාදෙන ලෙසයි.
රුපියල් බිලියන 2.1 ක මෙහෙයුම් ලාභයක් ශ්‍රී ලංගමය ලබාගත් බව ප්‍රවාහන බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කර ඇතැයි ද රුපියල් 10 000 ක ප්‍රසාද දීමනාවක් දෙන බවට ප්‍රවාහන ඇමැතිවරයා පොරොන්දු වී ඇති බවද එහි කැඳවුම්කරු සේපාල ලියනගේ මහතා පවසයි.
ඒ අනුව සේවකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 10 000 ක මුදලක් වැටුපෙන් අයකර ගැනීමේ පදනම මත ලබාදී රුපියල් 15 000 ක් ප්‍රසාද දීමනා වශයෙන් ලබාදීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා ඇත.
අදාළ ලිපියේ පිටපත් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට හා ශ්‍රීලංගම සභාපතිවරයාට වෙතත් යොමු කිරීමට පියවර ගෙන ඇත.








