දශක ගණනාවක සිට ලාංකිකයන්ගේ සවන් පිනවීමට සමත් වූ ප්රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්රාප්ත වී ඇත.
මිය යන විට 67 වන වියේ පසු වූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙක් සමු ගත්තේය.
උපාලි කන්නන්ගරයන් සංගීත ලෝකයට අවතීර්ණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස වුවත් ඉන් පසුව රසික හදවත් මන්මක් කරවීමට හැකි ගීත රැසක් ඔහු ගායනා කරනු ලැබීය.
ඔහුව එක් කාලයකදී ප්රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු ද විය.
දුම්බර මිටියාවත පැත්තේ, මගේ පබාවතියේ, පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, ඉවසිල්ලක් නෑ දකින තුරා ආදී ගීත රැසක් ඔහුගේ මියුරු හඩින් සිය රසිකයින්ට දායාද කළේය.








