FAST NEWS

24×7 Around the Globe

ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්..

 

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ලබන 17 වන ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ක්‍රමවේදයට අනුව ඡායාරූපයේ දෘඩ පිටපතක් එසේ නොමැතිනම් හාඩ් කොපියක් ඉල්ලුම්කරු වෙත ලබා නොදෙන අතර ඡායාරූපයේ අංකය යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR කේතය සහිත ඉල්ලුම්කරුගේ ඡායාරූපය මුද්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරන බව බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඉල්ලුම්කරු විසින් එම ලදුපත සිය අයැදුම්පත සමග ග්‍රාමනිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුයි.

මෙහිදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලා මගින් පමණක් ඡායාරූප ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව කියයි.