FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරයෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේදී අත්අඩංගුවට…

පසුගිය 07 වනදා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පලාගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාතලේ මීමුරේ ප්‍රදේශයේදී සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවලක් ද ප්‍රශ්න කිරීම සඳහා තම භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සුනිල් ශාන්ත නම් මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 කට අදාළව චෝදනා ලැබ සිටින්නෙකි.