FAST NEWS

24×7 Around the Globe

අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය අද (12)

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කළහ.

ඒ අනුව අද (12) දිනය දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අද (12) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයින්ට එහිදී නොතීසි ද නිකුත් කෙරුණි.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ සිදු කෙරයි.