අද (12) පස්වරු 01 ට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය සභාවාර කිහිපයේදී මෙන්ම අද දිනයේද එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කරනු ඇත.
එසේම පක්ෂ නායක රැස්වීමටද එක් නොවිමට ඔවුන් තීරණය කර තිබේ.
අද (12) දිනටේ පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.








