දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ‍්‍රිත ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල අද (11) දිනයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් දැනටමත් මුහුදු ගොස් සිටින ධීවරයින් එම ප‍්‍රදේශවලින් වහා ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත‍්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල රැඳී නොසිටිය යුතු බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙම මුහුදු ප‍්‍රදේශවල ඉතා තද සුළං ඇතිවිය හැකි අතර හෙට (12) දිනයේදී ද ධීවර කටයුතු කළ යුත්තේ විමසිලිමත්ව බවද එහි සඳහන්.








