FAST NEWS

24×7 Around the Globe

රේගු නිළධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්..

 

රේගු නිලධාරීන් අද (11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වමින්.

තම ඉල්ලීම සම්බන්ධව මහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා සමඟ කළ සාකච්ඡාවේදී වැටුප් විෂමතාව ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවද සංගමය පවසයි.