දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට අද(11) පෙරවරුවේ රැස්වූ දුම්රිය මෙහෙයුමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව තීරණය කළ බව, දුම්රිය ලෝකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය සිදු කෙරෙන බවද එ මහතා පැවසීය.








