2019 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බව එරට දේශපාලන විචාරකයින් සඳහන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චටිස්ගාර්, තෙලංගානා සහ මිසෝරාම් යන ප්‍රාන්ත 05 ක මැතිවරණ ප්‍රතිඵල අද (11) ප්‍රකාශයට පත් විමත් සමග එම විචාරකයින් මේ බව පෙන්වා දි තිබේ.
එම ප්‍රතිඵල වලට අනුව රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චටිස්ගාර් යන ප්‍රාන්ත 03 ක් තුල ඉදිරියට පැමිණ තිබේ.
එසේම තෙලංගානා සහ මිසෝරාම් ප්‍රාන්තවල බලය හිමිවී ඇත්තේ ප්‍රාදේශීය පක්ෂවලටය.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදි කොංග්‍රස් පක්ෂය ආසන 116 ක් හිමි කරගෙන ඇති අතර භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 102 ක් පමණි.
එහිදී පසුගිය ප්‍රාන්ත මැතිවරණයට වඩා භාරතීය ජනතා පක්ෂයට ආසන 63ක් අහිමි වීමත්, කොංග්‍රසයට ආසන 58ක් එක්වීමත් විශේෂයෙන් කැපී පෙනෙන බව චිචාරකයින් ප්‍රකාශ කර තිබේ.
රාජස්ථාන් ප්‍රාන්තයේ ආසන 199 ක් අතරින් 95ක් ජයග්‍රහණය කළ කොංග්‍රසය එහි බලය හිමි කර ගත්තේ පසුගිය මැතිවරණයට වඩා ආසන 74ක් තම පක්ෂයට එක් කර ගැනිමට සමත්ව තිබේ.
චටිස්ගාර් ප්‍රාන්තයේ ආසන 90 ක් අතරින් 63 ක් හිමි කර ගැනිමටද කොංග්‍රස් පක්ෂය සමත්ව තිබේ.








