ළමුන්ගේ උපන්දින සැමරිම සදහා වෙනම ස්ථානයක් සහිතව දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉඩකඩ සලසා ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි.
සතුන්ගේ සහභාගිත්වයෙන් උපන්දිනයක් සැමරිම සදහා රුපියල් පන්දහසක් අය කෙරෙන බවද එ මහත්මීය කියයි.
දුරකථන අංක 0112712751 මගින් තමන් ඇමතීමෙන් එම අවස්ථා වෙන්කර ගැනිමට හැකි බවද ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය.
පාසැල් නිවාඩු සමය සහ උත්සව සමය හේතුවෙන් දෙහිවල සත්වොද්‍යානය නැරඹිමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව මේ දිනවල ඉහල ගොස් ඇති බවත් පසුගිය ඉරිදා සත්ව උද්‍යානයට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ අට ඉක්ම වු බව අධ්‍යක්ෂවරිය පැවසීය.
එසේම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි 10.00 තෙක් සත්වෝද්‍යානය විවෘතව පවතින බව ඇය සඳහන් කළාය








