පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබීය.
ඒ මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා උපදෙස් ලබාදුන්නේය.
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා ඔහුට හිරිහැර සිදුකළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව චෝදනා එල්ල වෙයි.








