හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය නොවැම්බර් හතර වන දින හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේය.
ඔවුන් සතුව තිබූ යතුරුපැදි දෙකක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවත් සැකකරුවන් අද(11) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.








