FAST NEWS

24×7 Around the Globe

බේරුවල හෙරොයින් තොගයේ ප්‍රධාන සැකකරුවන් සී-ෂෙල්ස් සහ බංග්ලාදේශයෙන්..

 

පසුගියදා බේරුවල – බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ලංකාවේ දෙවන විශාලතම හෙරොයින් තොගයේ මහ මොළකරුවන් සී – ෂෙල්ස් සහ බංග්ලාදේශයේ සිටින බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් එම රටවල් වෙත ජාත්‍යන්තර පොලිසිය හරහා දැනුවත් කිරීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන කරයි.

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය පසුගිය බදාදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.