පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකිරිමට නියමීතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර අතර ඊයේ (10) පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව මන්ත්‍රී විමල් විරවංශ මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ අනුව අද (11) පෙරවරුවේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කරනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එළැඹෙන 14 දාට පෙර ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.








