FAST NEWS

24×7 Around the Globe

වව්නියාව, පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට..

 

වව්නියාව, පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (10) රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

හෙතෙම 2010 වසරේ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි සමයේ සිදු කර ඇති බව කියන පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

අදාළ පුද්ගලයා කෘර ලෙස වධ හිංසාවට ලක්කර මෙම පහරදීම සිදු කර ඇති බවට අදාළ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් මහර අධිකරණයේ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බවෙද පොලිස් මාධ්‍ය ඒකකය කියයි.