FAST NEWS

24×7 Around the Globe

බොහෝ ප්‍රදේශවලට වැසි අඩුවෙයි – සීතල වැඩිවෙයි..

 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා ‍කෙරේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40 දක්වා වු තරමක තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව ද කාලගුණ දෙපාර්තමේනතුව නිවේදනය කරයි.