FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්..

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ලක්මාලි ජයවර්ධන නම් කාන්තාවක විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මෑත අතීතයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ඇතැම් කටයුතු හේතුවෙන් ඔහු මානසික රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට ජනතාව අතර මතයක් පවතින බව ඇය සිය පෙත්සම මගින් අවධාරණය කර තිබේ.

මානසික රෝගී ආඥා පනත අනතු යමෙකු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාට අදාළ පුද්ගලයා දිසා අධිකරණයක් වෙත් යොමුකර ලබාගන්නා නියෝගයක් මත මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට හැකියාවක් ඇති බව ඇය සිය පෙත්සම ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබේ.