අද (10) පස්වරු 3.00 ට පමණ මෝදර පොලිස් වසමේ වෙඩි තැබීමක් සිදුව ඇත.
මෝදර, පඤ්ඤානන්ද හංදියේ සිට මට්ටක්කුලිය දෙසට මීටර 100 ක පමණ දුරින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්රී රෝද රථයක ගමන් ගත් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.








