FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුවට..

 

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු විමසීමට එහි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරිවරයාව පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට තීරණය කර ඇත.

එම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

ඊට චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා ඇතුලු මන්ත්‍රීවරුන් ඇතුළත්ව වෙයි.

එම කමිටුව පළමුවරට අනිද්දා (12) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියාට ද එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.