FAST NEWS

24×7 Around the Globe

නව ජනාධිපති නීතිඥවරුන් 25 ක් පත් කිරිමට යයි..

 

නව ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

නීතිඥ වෘත්තියේ වසර 25කට වැඩි කාලයක් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ නීතිඥවරුන් අතරින් සුදුස්සන් තෝරා ජනාධිපති නීතිඥ තනතුරුවලට පත්කිරීමට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලය අනුව නව පත්වීම් සිදුකෙරෙන බව දැනගන්නට ඇත.

මේ සඳහා සුදුසු නීතිඥවරුන්ගේ නාමලේඛනයක් විශේෂ උපදේශක කමිටුවක් විසින් සකස් කර ජනාධිපතිවරයාට පසුගියදා භාර දී ඇති අතර ඔවුන් සඳහා පත්වීම් ප්‍රදානය ලබන ජනවාරියේදී සිදුකෙරෙන බව දැනගන්නට ඇත.