රාජ්‍ය නිලධාරී සංගනණනය මේ වන විට අවසන් අදියරේ පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කරයි.
සංගණන කටයුතු ඌව පළාත හැර අනෙක් සියලු පළාත්වල මේ වන විට අවසන් කර ඇත.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ අරමුණින් මෙම රාජ්‍ය නිලධාරී සංගණනය පැවැත්වෙන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.
මෙම සංගණන කටයුතු වලින් සිදුකරනු ලබන්නේ මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරින්ගේ දත්ත හා තොරතුරු එක්රැස් කිරීමය.








