කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (9) පස්වරු 6.30 ට පමණ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදී පීලී පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩියාම නිසා මෙම අනතුර සිදුවී තිබෙන අතර පිලී පැනීමත් සමඟ සිල්පර කොට 75කට පමණ හානි සිදුව ඇති බව කියයි.
අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
මෙම පීලි පැනීම නිසා දුම්රියේ පැමිණි මගී ජනතාවට බස් රථවලින් බදුල්ල දක්වා ගමන් කිරීමට සිදුවී ඇත.
මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය ප්රමාද කිරීමට සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරියට කියයි.








