FAST NEWS

24×7 Around the Globe

05 ශ්‍රේණිය නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ..

මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේය.
එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරනු ඇත.
මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 ක් වන බවද එ මහතා පැවසීය.