FAST NEWS

24×7 Around the Globe

ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව පෙරවරු 08 තෙක්..

බියගම ජල පිරිපහදුවේ විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සිදුකල ජල කප්පාදුව පෙරවරු 8 තෙක් බලාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මහර / බියගම / ගම්පහ / ජා-ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාද ජා-ඇළ නගර සභා බල ප්‍රදේශයටද ඊයේ රාත්‍රී 10 ට ජල සැපයුම අත්හිටවනු ලැබුවේය.
එසේම වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද අද (08) පෙරවරු 08 වන තෙක් ජල සැපයුම අත්හිටුවා තිබේ.