හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළහ.
නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම හේතුවෙන් මෙලෙස නඩුව කල් තබා ඇත.
විජයකලා මහේෂ්වරන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ද ඉල්ලා අස්වූවාය.








