පාසල් නිවාඩු කාල සීමාව තුළ විශේෂ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සැලසුම්කර ඇත.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද (07) සිට එම දුම්රිය ක්‍රියාත්මක වන අතර එය ඔත්තේ දිනවල උදෑසන 7.30 ට කොළඹින් ආරම්භ වී බදුල්ල දක්වා ගමන් කරනු ඇති බවයි.
පසුදින උදෑසන 9.30 ට බදුල්ලෙන් එම දුම්රිය යළි කොළඹ බලා ධාවනය වීමට නියමිතය.
පාසල් නිවාඩු කාලය තුළ ළමයින් ඇතුළු වැඩි සංචාරකයින් පිරිසක් උඩරට ප්‍රදේශවලට දුම්රියෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම විශේෂ දුම්රිය හදුන්වා දී තිබේ.








