රාජ්‍ය ආයතනවල උත්සව සහ රැස්වීම් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් සහ සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව දක්වමින් රාජ්‍ය නිළධාරින්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහාත් , රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.








