කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් හෙට (07) උදෑසන 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාව පවසයි.
රෝහලේ රථ ගාලේ වෛද්‍යවරුන්ගේ වාහන නතර කිරිම සම්බන්ධයෙන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවත් තුවාල ලැබු වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ අස්ථි බිඳී ඇති බව එම සංගමය කියයි.
මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති නමුත් මේ වනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.
මෙම විශෙෂඥ වෛද්‍යවරයා මෙයට පෙර ද පහරදී ඇති බවත් ඒ නිසා ඔහු වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් රථගාලට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා ඇති බවද එම සංගමය වැඩි දුරටත් කියයි.








