FAST NEWS

24×7 Around the Globe

වර්ෂාව වැඩි වෙයි – අධිවේගයේ ගමන් කරන්නන්ට අනතුරු ඇගවීම්…

 

ඊසාන දිග මෝසම් තත්ත්වයන් දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලංකාවට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය
තවදුරටත් පවතිනු ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසටත් ,පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා රිය ධාවනය කරන ලෙසටත් අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් ඒකකය ජනතාවට නිවේදනය කරයි.