හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් අධිකරණ අද (05) නියෝග කළේය.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කිරීම හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඇති චෝදනා වේ.








