පසුගියදා ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව ලබන 21 වනදා සිට බස් ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය සහ ජාතික ගමනාගමන කොමිසම එකගත්වයකට පැමිණ ඇත.
එම සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා සදහන් කළේ බස් ගාස්තුව කුමන ප්රතිශතයකින් අඩු වන්නේද යන්න පිළිබද තීරණය 21 වනදාට ප්රකාශයට පත් කරන බවයි.








