FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ වංචාවක් සිදුකළ අයෙක් අත්අඩංගුවට..

 

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

අදාළ සැකකරු ඊයේ (04) පැවති දෙමළ භාෂාව හා සාහිත්‍යය විෂයට විභාග අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිට ඇති අතර විභාග ශාලාධිපති හා නිරීක්ෂකයෙකු විසින් සැකකරු හඳුනාගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනු ලබයි.