FAST NEWS

24×7 Around the Globe

පහළ වායුගෝලය කැළඹීමෙන් ඉදිරි දින කීපයේත් වැසි…

 

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල පසුවරු 2.00 න් පමණ පසු වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.