අභියාචනාධිකරණය විසින් ඊයේ (03) මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව ලබාදුන් තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.








