අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබීය.
ඔහු අමාත්‍ය ධුරය දරනු ලබන කාලයේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් වාර්තා ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔහුට චෝදනා එල්ල විය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දී කැඳවනු ලැබීය.
මීට අමතරව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ද ජනවාරි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ පසුගිය දිනක ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී එහි සේවකයින්ට පහරදී කලහකාරී ආකාරයට හැසුරුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන්.








