FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘ෆිච් රේටින්ග්’ පහත හෙළයි..

 

ජනපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම හරහා ඇතිවූ දේශපාලන අර්බුදය ප්‍රධාන හේතුවක් කරගනිමින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම B+ සිට B ශ්‍රේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය සඳහන් කරයි.

විදේශීය මූල්‍යකරණ ඉහළ අවධානම, ප්‍රතිපත්ති වල පවතින අස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිපතියේ ඇතිවිය හැකි අහිතකරතා මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

මූඩිස් ආයතනයද ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට පසුගිය දිනක කටයුතු කරනු ලැබීය.