ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.








